Sunday, October 11, 2009

පටන් ගනිමු අංක 01 න් ...

අද මම ඔයාලට කියන්න යන්නෙ කොහොමද සල්ලි වියදම් කරන්නෙ නැතුව අන්තර්ජාලය මගින් මුදල් ලබාගන්නේ කියලා. ඒක හරි සරල කාර්යයක්. නමුත් ඉවසීම මෙම කාර්යය සඳහා අත්‍යාවශ්‍ය වෙනවා. මොකද අන්තර්ජාලය මගින් ඉක්මනින් මුදල් හම්බ කිරීම ඔය පත්තරවල සඟරාවල පළවන තරම් සරළ නොවන නිසා. නමුත් යම්කිසි මුදලක් ආරම්භයේ සිටම උපයා ගැනීමට පුළුවන් බව ඇත්ත. ක්‍රම ක්‍රමයෙන් මෙම ආදායම ඔය කියන රු. 30,000/- පන්නන්න හිතල වැඩක් කරන කෙනෙකුට අමාරු නැහැ. ඉතින් කථාවට වඩා ප්‍රායෝගික වීම වැදගත් බවයි මගේ අදහස. එහෙනම් දැන් ඉතින් වැඩට බහිමු.

මම මුලින්ම හඳුන්වා දෙන්නම් අන්තර්ජාලය තුල ඉතාමත් විශ්වාසදායක ලෙස මේ වෙනකොට මුදල් ගෙවමින් වසර 2ක් පුරාවට අප වැනි අමතර ආදායමක් බලාපොරොත්තු වන්නන්ගෙ ආදරය දිනාගත් වෙබ් අඩවියක්.

අංක 01)

වෙබ් අඩවිය - http://www.neobux.com/?r=s890067

මෙම වෙබ් අඩවිය සතු විශේෂ ගුණාංගය වන්නේ සාමාජිකත්වය සඳහා කිසිදු මුදලක් අය නොකිරීම සහ අපගේ ඉපයීම $ 2/- වූ විගසම ක්ෂණිකව අපගේ Paypal ගිණුමට මුදල් ලබාගැනීමට හැකි වීමය. ඒ වගේම මෙහිදී කළ යුතු කාර්යය වන්නේද ඔවුන් සපයන දැන්වීම්(Ad) 4ක් හෝ 5ක් මත එකින් එක ක්ලික් කර තත්පර 30ක් වැනි සුළු කාලයක් බලා ඉඳීම පමණයි. මම ඔයගොල්ලන්ට කියන්නේ මෙම අඩවිය මගින් මුදල් ඉපයීම කිරීමට පෙර නොමිලේ ලියාපදිංචි වී එහි ඇති Forum එකෙහි Success Stories
කියවන ලෙසයි.

Sunday, October 4, 2009

තවත් එකක් නොව. . .

මේ කාලය වෙනකොට මේ කථාකරන මාතෘකාව සමහරවිට හිසරදය ඇතිවෙන තරමට ලංකාව පුරා ව්‍යාප්ත වී තිබුනත් අප කීයෙන් කීදෙනාද අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම සාර්ථකව කරන්නේ. ලංකාවේ මේ සම්බන්දයෙන් තිබෙන උනන්දුව පුදුම සහගත වුවත් මේ සඳහා යොමුවන පිරිස් ඉතා ඉක්මනින් එම කාර්යය එපා වී මෙම මුදල් ඉපැයීම රැවටීමක් යයි වරදවා තේරුම් ගෙන දොස් නගන අවස්ථා වර්ධනය වෙමින් පවතී. ඇත්තෙන්ම මා මෙම බ්ලොගය තුලින් බලාපොරොත්තු වන්නේ මා අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ආකාරය අප සැම අතරේ බෙදා ගැනීමටත් එසේම මේ සම්බන්ධයෙන් ලංකාවේ දැනට සිටින මෙය කියවන අන්තර්ජාලය මගින් මුදල් උපයන සොයුරු සොයුරියන්ගේ අත්දැකීම් සම්භාරයත් දැනගැනීමට සැලැස්වීමත්ය.

***විශේෂ ඉල්ලීම :- අන්තර්ජාලය මගින් දැනට මුදල් උපයන සියළුදෙනාගේ comments වැදගත් කොට සළකමි.